Jan 01, 2017

එට්කා අවසන් තීන්දුවට භල්ලා ලංකාවට Featured

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ඉන්දීය රජයේ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරුවන භුපින්ද භල්ලා ජනවාරි මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙවර සංචාරයේදී ඔහු මුලින්ම හමුවන්නේ ආචාර්ය සමන් කැලේගම මහතා බවද පැවසේ.

ඒ කැලේගම මහතා මෙම ගිවිසුම ගැන ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන සාකච්ඡාකරුවන නිසාය.

එට්කා ගිවිසුම අත්සන් කිරීමට සැලැසුම්කර තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

මේ ගිවිසුම කල්ගියේ තොරතුරු තාක්ෂණ සේවාව සඳහා ඉන්දිය වෘත්තිකයන්ටත් ඉඩදිය යුතුද නැත්ද යන්න ගැටලුවක්ව තීරණයක් ගැනීමට නොහැකි වූ නිසාය.

මෙවර සාකච්ඡාවේදී ගිවිසුමේ මූලික කෙටුම්පතෙහි හටගෙන තිබෙන ගැටලු නිරාකරණය කරගැනීමට නියමිත බවද පැවසේ.

 සාකච්ඡා සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියද එක්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top