Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 02, 2017

ජනපතිගේ 'තිරසර යුගයක්' ප්‍රාර්ථනාව අද ජාතිය හමුවට

'තිරසර යුගයක්' තේමාකොටගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාජ, ආර්ථික හා පරිසර හිතකාමී රටක් බිහිකිරීමේ ප්‍රාර්ථනාව අද (02) උදේ 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා විසින් ජාතිය හමුවේ ප්‍රකාශයට පත්කැරේ.

ජනාධිපතිගේ ප්‍රාර්ථනාව මුල්කොට ගනිමින් වසර 2030දී සමාජ, ආර්ථික හා පාරිසරික තිරසර බව ඇතිකරවන ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ වගකීම විශේෂඥ විද්වත් මඬුල්ල වෙත භාරදෙන බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවේ නේකවිධ ක්ෂේත්‍ර බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් පොදුජනතාවගේ ද අදහස් හා යෝජනා මත මේ රට නංවන ජාතික ප්‍රතිපත්තිමාලාව ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇති බවත්, ඊට සමගාමීව මේ වසර පුරාම රටේ යෝධ සංවර්ධනයක් ආරම්භ කරනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීය.

ඒ අනුව මුළු රටම ආවරණය වන පරිදි ඉදිරි මාස 12 පුරාම රටේ වේගවත් සංවර්ධනයක් ඇති වනු ඇතැයි ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක හා බැඳුනු ශ්‍රී ලංකාවක් මේ වැඩපිළිවෙළින් බිහිකිරීම අරමුණ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලංසූරිය මහතා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top