nsb

Jan 02, 2017

ශ්‍රීලනිප ඇමතිවරු තීන්දුවකට සුදානමින් ! Featured

PriyankaraJ 600px 16 12 30තමාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්, ආණ්ඩුව සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගැනීමේ කාලීන අවශ්‍යතාවය අවධාරණය කර සිටි බව පළාත් සභා හා පළාත් පාලන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැවසිය.

ඔහු එබව කියා සිටියේ, 'නෙත් නිවුස්' සමග අද උදැසන සංවාදයකට එක්වෙමිනි.

''මගේ බලාපොරොත්තුව නම් අපි ඉතා ඉක්මනින් අපේ ආණ්ඩුවක් හදන්න ඕනේ කියන එකයි. කොහොම වුනත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක්. ඇමතිකමෙන් ඉවත් වුණාට පස්සේ මට මහින්ද අමරවීර, අනුර යාපා, දයාසිරි ජයසේකර වගේ ඇමතිවරු කතා කළා.. ඔවුන් කිව්වේ ඉක්මන් වුණේ ඇයි කියලා.. ගන්නවා නම් තීන්දුවක්.. එක තීන්දුවක් ගමුයි කියලයි එයාල කිව්වේ..” ඔහු පැවසිය.

අමාත්‍ය ධුරයෙන් ඉවත් වුව ද ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමේ අදහසක් තවමත් නොමැති බව ඔහු අවධාරණය කර සිටියේය.

“ මගේ අස්වීමට අමාත්‍යාංශයේ කිසිඳු ක්‍රියාකාරකමක් සම්බන්ධ නැහැ. දීර්ඝ සාකච්ඡාවකින් පස්සෙ තමයි මම මේ තීරණය ගත්තෙ. මගේ පාක්ෂිකයන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වුණා දැන් ඉවත් වෙන්න කියලා.

බැඳුම්කර වංචාව, චීනයට අක්කර පහලොස්දහසක් ලබා දීම, සුපිරි පනත වගේ කරුණු මගේ පාක්ෂිකයන් තුළ අප්‍රසාදයක් ඇති කළා. '' යයි ද ප්‍රියංකර ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.


DullasAlahapperuma 600px 16 11 29'විපක්ෂයට යමු' - ඩලස් කියයි

කෙසේවුවද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යා යුතු බවයි.

පසුගිය මහ මැතිවරණයේ දී බහුතර ආසන සංඛ්‍යාවක් ලබා වැඩි බලයක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දී ශක්තිමත් විපක්ෂයක් ලෙස ශ්‍රීලනිපය විපක්ෂයේ කාර්යභාරය අතට ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රීලනිපය සමගිකල හැක්කේ එවැනි පියවරකින් බව ඔහු කියා සිටියි.

MahindaAmaraweera 600px 16 12 24ඇමතිකම අත්හරින්න සුදානම් :

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමගිය වෙනුවෙන් ඕනෑම මොහොතක ඇමති ධුරය අතහැරීමට තමන් සූදානම් බව අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ඔහු හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් එසේ කියා සිටියේය.

සබැඳි පුවත්

'ආණ්ඩුවෙන් ඉවත්වී, ශ්‍රීලනිපය එක්සත් කරමු' - ඩලස්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top