Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 02, 2017

මහින්දට ආණ්ඩුව පෙරලන්න අවස්ථාවක් !

තමා සතියක කාලයක් සඳහා විදේශගත වන අතර එම කාලය ඇතුළත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුව පෙරළා දැමීමට අවස්ථාවක් ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ 2017 වසර ඇතුළත ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් පසුගිය දා කරන ප්‍රකාශයට ප්‍රතිචාරය පළකරමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2017 වසර ආරම්භයේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයයෙදී මාධ්‍යවේදියකු කළවිට සිනාමුසුව ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, 'තමා සුමානයකට ස්විස්ටර්ලන්තයට යන අතර එම කාලය ඇතුළත හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ අභිප්‍රාය ඉටුකරගත හැකි' බව කියාසිටියේය.

'මම සතියක කාලයකට ස්විස්ටර්ලන්තයට යනවා.ඒ කාලය තුළ මම මහින්දට අවස්ථාවක් දෙනවා ආණ්ඩුව පෙරළන්න' අගමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, සිය ආණ්ඩුව පෙරළීමට නොහැකි බව අඟවා සිටියේ 'අවසානයේ දී ආණ්ඩුවත් මේ විධියටම තියේවි, එයත් මහින්ද රාජපක්ෂ වගේම ඉඳීවි' යනුවෙන් පවසමිනි.


(මුලාශ්‍රය- සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top