Jan 03, 2017

ජනපති, ASPව කටාර්හි තානාපති කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කෝටිපති ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර් රාජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහුට අදාළ පත්වීම ලබාදී ඇත්තේ ඉකුත් 31 වැනිදා බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප ලියනගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු අදාළ කාරණාව සත්‍යබව කියා සිටි අතර මේ පත්වීම සිදුකරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් බවද පිළිගත්තේය.

කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා ලංකාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකි.

ඔහු මීට පෙර නයිජීරියාවේ තානාපති ලෙසද කටයුතු කළ අතර නයිජිරියාවේ ශ්‍රී ලංකාවේ පළමු තානාපතිවරයා වන්නේද ලියනගේ මහතාය.

ලියනගේ මහතා වසරක කාලයක් නයිජීරියාවේ තානාපති ලෙස කටයුතු කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top