Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 03, 2017

කොල්ල කෑ මුදල් අත්පත්කර ගැනීමට පනතක් (වීඩියෝ)

මහජන දේපල හා මුදල් කොල්ල කෑම සම්බන්ධයෙන් වැරදි කරුවන් වන දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ මුදල් යළි රජයට අය කර ගැනීමට නීතියක් නොතිබූ බැවින්, අපරාධ විනිශ්චය කොමිෂන් සභා නම් පනතක්  තමන් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විශේෂ ව්‍යාපෘති කටයුතු පිළීබද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඔහු මෙසේ කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගලගෙදර ආසනයේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

''නොරොච්චෝලෙන් ගැහුවේ කව්ද? හම්බන්තොට වරායෙන් ගැහුවේ කව්ද? මත්තලින් ගැහුවේ කව්ද ? යන්න ජනතාව හොඳින් දන්නා බව පැවසු ඇමතිවරයා, “කෝටි ප්‍රකෝටි ගණන් කොමිස් මුදල් ගහලා, විශාල මුදලක් අයථා අයුරින් වංචා කළ අය අද රජයේ ආයතන ආරක්ෂා කිරීම පිළිබඳව කථා කරනවා. රජයේ සම්පත් වංචා කළ එවැනි පිරිස් රාජ්‍ය සම්පත් සුරක්ෂිත කරන්නැයි  ඉල්ලා සිටීම, පන්සලේ පිං කැටය සොරකම් කළ අය බුදු මැදුර හදන්න කථා කරනවා වගේ.“ යි පැවසීය.


නිතියේ පවතින අඩුවක් :


වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා, පසුගිය පාලන සමයේදී රජයේ හා මහජන මුදල් වංචා කළ අය  අධිකරණය හමුවේ වරද කරුවන් බවට පත්වුවත් ඔවුන්ට ලබාදිය හැකි උපරිම දඬුවම සිරගත කිරීම වන නමුත්, ඔවුන් වංචා කළ මුදල් යළි අය කර ගැනීමේ ක්‍රමවේදයක් මේ දක්වා නොතිබීම පවතින නිතියේ අඩුවක් බව කීය .

එනිසා එම මුදල් යලි අයකර ගැනීමට ඉදිරි සතියේදී අපරාධ විනිශ්චය කොමිෂන් සභා පනත පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පැවසීය.

(මූලාශ්‍රය -ලංකා ඊ නිව්ස්)


අදාල වීඩියෝව පහතින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top