nsb

Jan 03, 2017

ජනපති STF එකට නැවෙන්න එපා කියයි (ඡායාරූප)

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටින විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින් ඊයේ (02 දා) ජනපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ජනපතිවරයා කියා සිටියේ නිල ඇඳුමෙන් සැරසී සිටින කිසිඳු අවස්ථාවක දී පුජ්‍ය පක්ෂය ඉදිරියේ හැර වෙනත් කිසිවකු ඉදිරියේ කොන්ද නොනමන ලෙසයි.

“යුනිෆෝම් ඇදගෙන නැවෙන්නේ එහෙම නෑ…ඔහොම බුලත් අත දෙන්න” යයි ජනාධිපතිවරයා විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ට පවසා සිටියේය.

ජනාධිපතිවරයා කිසිම විටෙක නිල ඇදුමෙන් සැරසී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ට වැද නමස්කාර කිරීමට ඉඩ නොදෙන බවත්, සිය සමවයස් කාර්‍ය මණ්ඩල සාමාජිකයිනට සහ දේශපාලන නියෝජිතයින්ට කිසි විටෙකත් ඒ සඳහා ඉඩ නොදෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු පැවසිය.

වැඩිහිටියන්ගේ පාද නමස්කාරය සිංහල සංස්කෘතියේ කොටසක් බැවින් තමන්ට වඩා වයසින් බාල සිවිල් පුරවැසියන්ට පමණක් ජනාධිපතිවරයාට වැද ආශිර්වාද ලබා ගැනීමට ඉඩ ලබා දෙන බවත් ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top