nsb

ඝාතනයට ලක් වූ එක් සිසුවකුවන රජීහරන්ගේ පියා වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් ඝාතනයට ලක් වූ එක් සිසුවකුවන රජීහරන්ගේ පියා වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන්
Jan 03, 2017

ත්‍රි’මලේ සමූහ සිසු ඝාතනය : ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි Featured

ත්‍රිකුණාමලය සරසවි සිසුන් පස් දෙනා ඝාතනය කොට එකළොස් වසරක් ගත වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති බව එම සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

ඝාතන සිදු වී වසර හතකට පසු සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ විශේෂ කාර්ය සාධක බලකායේ දොළොස් දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව අධිකරණ විසින් ඔවුන් ඇප මත මුදා හරිනු ලැබිණි.

ඝාතනයට ලක් වූ එක් සිසුවකුගේ පියෙකුවන වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් මහතා බීබීසී දෙමළ සේවයට කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ විභාගවන අදාළ නඩුවෙන් යුක්තිය ඉටුවෙතැයි බලාපොරොත්තු නොවන බවය.

"ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් මම පරීක්ෂණයක් ඉල්ලා තිබුණා. ශ්‍රී ලංකා රජයත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තීන්දුවක් ලබා දෙන බව කියා තිබුණා. ඒ පරීක්ෂණ දැනට පවතින්නේ ප්‍රාථමික මට්ටමේ." ලන්ඩනයේ වෙසෙන වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් පැවසීය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නඩුව විභාග වී නොමැති බව කී ඔහු ඒ තුළින් තමන්ට සාධාරණයක් ඉෂ්ටවනු ඇති බවට පවතින විශ්වාසය ගිලිහෙමින් පවතින බව සඳහන් කළේය.

"දෙමළ වීම නිසා.."

"මේ ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා මම බල කරනවා. ඊට හේතුව තමයි පසුගියදා පැවති රවිරාජ් ඝාතන නඩුව සිංහල ජූරි සභාවක් ඉදිරියේ විභාග කොට නිෂ්ප්‍රභා කොට තිබුණා. සංහිඳියා ආණ්ඩුවක් හෝ කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් අපට ලැබෙන්නේ මෙවැනි තීන්දුවක් තමයි," වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් කියා සිටියේය.

තම පුතු වෙනුවෙන් යුක්තිය ඉටු කතර ගැනීමේ උත්සාහය අත් නොහරින බව කී වෛද්‍ය කාසිපිල්ලේ, "ශ්‍රී ලංකාව තුළ අප පීඩාවට පත් වුණේ දෙමළ වීම නිසා. අනාගතයේ හෝ දෙමළ ජනතාව කරදරයකින් තොරව සැනසීමෙන් ජීවත් විය යුතුය කියන හැඟීම මත තමයි අපි මේ නඩුව දිගට ගෙනියන්නේ." යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

2006 වසරේ ජනවාරි 02 වනදා සිදු වූ සිසු ඝාතනයෙන් පසු තමන් වෙත තර්ජන එල්ල වූ බව සිසුන්ගේ පවුලේ සාමාජිකයන් පවසන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකාව හැර විදෙස් රටවලට ගොස් තිබේ.

(බිබිසි සංදේශය)


සබැඳි පුවත්


ත්‍රි’මලේ සමූහ සිසු ඝාතනයට 11 වසරක් : ''යුක්තිය ඉටුවී නෑ”


ත්‍රි’මලේ සමූහ සිසු ඝාතනයට 11 වසරක් : ''යුක්තිය ඉටුවී නෑ”

තරුණයන් පැහැරගත් වාහනවල කොටස් හමුවෙයි

ත්‍රී'මලේ සිසු ඝාතනයට වසර 10යි (ඇම්නෙස්ටි වීඩියෝවක්)

ත්‍රී'මලේ සිසු ඝාතනය: 'වෙඩි හඬ ඇසුණු විට මම ගාන්ධි ප්‍රතිමාව පැත්ත බැලුවෙමි'

ත්‍රී'මලේ සිසු ඝාතනය: 'වෙඩි තිබ්බේ STF සෙබළු බව අපි දන්නවා' - බැසිල් රාජපක්‍ෂ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top