Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 04, 2017

හමුදාවට බාර වූ දෙමල තරුණයින්ගේ නම් ලැයිස්තුව ඉල්ලයි

යුද්ධයේ අවසන් දින කීපයේදී යුද හමුදාව වෙත බාර වුණු එල්ටීටීඊ සාමාජිකයන්ගේ නාමලේඛනය ලබන ජනවාරි මස 30 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙස මුලතිව් දිසාවිනිසුරු එම්.එස්.එම්.සම්සුදීන් මහතා ඊයේ (03) යුද හමුදාවට නියෝග කොට තිබේ.

දිසාවිනිසුරුවරයා එම නියෝගය කළේ යුදහමුදාව වෙත සාක්කි සහිතව බාරදුන් දෙමල ජාතික තරුණ තරුණියන්  පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිව් අධිකරණයේ පවරා ඇති හබයාස්කෝපස් නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව හමුවේ සාක්කිදීමට පැමිණි 58 වැනි සේනාංකයේත්, මුලතිවු යුද හමුදා කඳවුරේත් ආඥාපති මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන මීට පෙර මුලතිව් අධිකරණයට පවසා තිබුණේ යුදහමුදාව වෙත බාරවුණු පිරිසගේ නාමලේඛණයක් යුදහමුදාව සතුව ඇති බවයි.

නමුත් අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කරණ ලද්දේ රජය විසින් පුනරුත්ථාපනය කිරීම පිණිස බාරගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ නාමලේඛණයක් බව පැවසූ පැමිණිලිකරුවන් වෙනූවෙන් පෙනී සිටින  ජ්‍යෙෂ්ඨ මානව හිමිකම්  නීතිඥ කේ.එස්.රත්නවේල් මහතා, එය පිළිගැනීමට නොහැකි බව අධිකරණයට දැනුම්දීමෙන් පසුව ජනවාරි 30 වෙනිදා මෙම නඩුවට අදාල නාමලේඛණය ඉදිරිපත් කරණ මෙන් විනිසුරුවරයා නියෝග කළේය.


හබයාස්කෝපස් නඩු දාහතරක් :


යුදහමුදාව වෙත බාරදෙන ලද දෙමල ජාතිකයින් හාරසීයකට ආසන්න පිරිසක් මේ වනවිට අතුරුදහන්වී ඇති බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් මුලතිව් අධිකරණය වෙත හබයාස්කෝපස් නඩු දාහතරක් ගොණුකොට තිබේ.

එම පෙත්සම් 14ක් අතරින් ඊයේ (03)  විභාගයට ගෙන තිබුනේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු  ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක එලිලන් නමින් ප්‍රකට සින්නතුරෙයි ශශිධරන් ඇතුලු තවත් සිව් දෙනකු සම්බන්ධ පෙත්සම් පහකි.

මෙම පිරිස යුදහමුදාව විසින් බාරගත් අවස්ථාවේදී සාක්කි කරුවන් වශයෙන් කතෝලික පියතුමන්ලා දෙදෙනෙකු යුද හමුදාව විසින් පත් කොට සිටි බවත් දෙමල තරුණ තරුණියන් රැගෙන යන අවස්ථාවේදී එම පියතුමන්ලා දෙදෙනාද යුදහමුදාව විසින් බස් රථ වල නංවාගෙන ගිය බවට පැමිණිලිකරුවන් සිය පැමිණිලිවල සඳහන් කොට ඇති බවත් නීතිඥ කේ.එස්.රත්නවේල් මහතා කියා සිටියේය.

නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ එම කතෝලික පූජකවරුන් දෙදෙනාද මේ වන විට අතුරුදහන් වී ඇති බවට වවුනියාව අධිකරණයේ නඩු දෙකක් ගොණු කොට ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top