nsb

Jan 04, 2017

රාජපක්ෂ 'හිතවාදී' ලොකුවිතාන, රනිල් සරණ ගිහින් ! Featured

මෙරට විශාලම ටටර් කර්මාන්ත ශාලාවට ජනවාරි පස්වැනිදා (05) හොරණදී මුල්ගල් තබන බවට මේ දිනවල සියළු විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරය දියත්ව තිබේ.

මෙම කර්මාන්ත ශාලව සදහා රුපියල් බිලියන 11ක මුදලක් ආයෝජනය කරනු ලබන්නේ නන්දන ජයදේව ලොකුවිතාන නමැති දේශීය ව්‍යාපාරිකයෙකි.

මෙම ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතත් ඔහු යාපනයේ සංචාරයක නිරතව සිටින බැවින් ඊට සහභාගි නොවන බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.

එහෙයින්  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය සිදුකිරීමට නියමිතය.

රාජපක්ෂලාගේ මුදල් !

රාජපක්ෂවරුන් අයතා ලෙස උපයාගත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදල් නන්දන ලොකුවිතාන මහතා විසින් දේශීය හා විදේශීය ව්‍යාපාර වල ආයෝජනය කර ඇතයි කියමින් එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණ වලදී පුළුල් ප්‍රචාරයක් ගෙන ගිය අතර පත්‍රිකා පවා ප්‍රකාශයට පත්කරනු ලැබිය.

ඩුබායි මැරියට් හෝටලය වෙනත් ව්‍යාපාර ගණනාවක් මිලදී ගෙන ඇත්තේ රාජපක්ෂවරුන්ගේ මුදල් ආයෝජනය කරමින් බව එම ප්‍රකාශන වල සඳහන් විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සගවාගෙන සිටින ඩොලර් බිලියන 18න් කොටසක් ඩුබායි මැරියට් හෝටලයට යොදවා ඇති බවත්, එය පරිපාලනය කරන්නේ නන්දන ලොකුවිතාන මහතා බවටත් චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය (FCID ) විසින් 2015 වසරේ මැයි මාසයේදී කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට 'බී' වාර්තාවක් ද ඉදිරිපත් කොට තිබිණ.

යහපාලනයෙනුත් ලොකු සැලකිලි :


කෙසේවුවද යහපාලන ආණ්ඩුවෙන් ද මේවනවිට නන්දන ලොකුවිතාන මහතාට විශේෂ වරප්‍රසාද හිමිව ඇතිබව වාර්තාවේ.

සිලෝන් ස්ටීල් කොපරේෂන් ලිමිටඩ් (ලංවා - සංස්ථා වානේ) ආයතනයට බල නොපැවැත්වන ලෙස මෙරට අන් සියලූම වානේ ආනයනනකරුවන්ට පමණක් බලපැවැත්වෙන පරිදි වත්මන් යහපාලන ආණ්ඩුව විසින් පනවනු ලැබු අසාධාරණ බදු ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පියවර ගනු ලැබිය.

මැදවච්චිය, කොබිටියගොල්ලෑව නම් දුෂ්කර ගම්මානයේ උපත ලබා, ඩුබායිහි තරු 5 හෝටල‍යක හිමිකරු බවට පත්වූ නන්දන ජයදේව ලොකුවිතාන මහතාගේ නම ආන්දෝලනාත්මක පැනමා පේපර්ස් හි ද සඳහන්ව තිබිණ.

සබැඳි පුවත් :

නන්දන ලොකුවිතානට යහපාලනයෙනුත් ලොකු සැලකිලි
පැනමා පිටු අතරට ගිය මැදවච්චියේ ලොකුවිතාන
ඩුබායි මැරියන් මගේ නෙමෙයි' -මහින්ද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top