nsb

Jan 04, 2017

ජනපති යාපනේ නොගියේ චන්ද්‍රබාබුගේ මිනිස්සු නිසයි ! Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය යාපනය සංචාරය හදිස්සියේම අත්හිටුවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඉන්දියාවේ අන්ද්‍ර ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය එන්. චන්ද්‍රබාබු නායිදු (N Chandrababu Naidu) මහතාගේ නියෝජිතයින් පිරිසක් සමඟ හදිස්සි සාකච්ඡාවකට සහභාගිවීම නිසා බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

චන්ද්‍රබාබු මහතා ජනපතිගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගිවීමට ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නැරඹීමටත්, කිහිපයක් සඳහා සහය ලබාදීමටත් නියමිත බව පැවසේ.

ඒ මහතා ලබන 07 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මුල් තැනගෙන සිටින පිරිස අතර චන්ද්‍රබාබුට ප්‍රධාන තැනක් හිමිවන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top