nsb

Jan 05, 2017

මහජන බැංකු ටෙන්ඩරයේ වංචාවක් සිදුවී නැහැ Featured

මහජන බැංකුව ඩිජිටල්කරණය සඳහා අලුතෙන් අවශ්‍ය දෘඪාංග (hardware) මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයේ විෂමාචාර ක්‍රියාවලියක් සිදුවී නොමැති බව, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

එහෙත් ඉතා සුළු අඩුපාඩුකම් කිහිපයක් පිළිබඳව කමිටු වාර්තාවේ දක්වා තිබේ.

ඩිජිටල්කරණයේදී ටෙන්ඩර් ක්‍රියාවලියේ විෂමාචාර සිදුවී තිබේ දැයි සොයා බැලීමට පත් කළ භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන දයා ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ දැනුමකින් හෙබි තිදෙනෙකුගෙන් සමන්විත කමිටුව නිකුත් කර තිබෙන වාර්තාවේ මේ බව දැක්වෙයි.

කමිටු වාර්තාව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා වෙතට භාරදුන් බවත් ඇමැති හෂීම් මහතා එය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කර තිබෙන බවත් අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පැවසීය.

සබැඳි පුවත්

මහජන බැංකුවේ කීර්තිනාමයට හානි කරන්න එපා' - අගමැති
'අගමැති පරීක්ෂණයක් කලොත් හොදයි' - මහජන බැංකු සභාපති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top