Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 05, 2017

අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍යවලට වෙන දේ

පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබද විවිධ පිරිස් තුළ සැකයක් ඇති වී තිබෙන බවත්, එහෙත් අදාළ සිද්ධීන් පිළිබඳ තවදුරටත් අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන නිසා ඒවා නඩු භාණ්ඩ වශයෙන් පවතින බවත් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර මහතා සඳහන් කළේය.

මේ නිසා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල සාම්පල් පමණක් තබාගෙන අනෙකුත් කොටස් ප්‍රසිද්ධියේ විනාශ කර දැමීමට අවශ්‍ය නීති සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට ඇබිබැහි වූවන්ට පොදු සමා කාලයක්

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය වීම සඳහා ඉදිරියේදී පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරන බවත් එම කාලය තුළදී පුනරුත්ථාපනය නොවන සියලු දෙනාම අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

2020 වසර වනවිට මතින් තොර රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය සිදුකරන බවද ඔහු පවසා සිටියේය.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 20,000කට අධික ප්‍රමාණයක් මේ වසර තුළදී පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව දැනට රට තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 50,000කට අධික ප්‍රමාණයක් සිටින බවට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබෙන බවත්, 2020 වසර වනවිට මෙම සියලු දෙනාම පුනරුත්ථාපනය කර අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. සිය කැමැත්තෙන් පුනුරුත්ථාපනය වීම සඳහා පොදු සමා කාලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top