15976 BM WEB BANNER 01
Jan 05, 2017

රිවිර මිලදීගන්න සියත ගනුදෙනු කතාකරයි Featured

රිවිර පුවත් පත මිලදී ගැනීමට සියත නාලිකා හිමිකරු රොෂාන් කාරියප්පෙරුම සැරසෙන බව වාර්තා වේ.

මේවන විට අදාළ ගනුදෙනුවේ වැඩකටයුතු 80%ක් සාර්ථක බව සියත අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රිවිර මීඩියා කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් හට අයත් රිවිර ඉරිදා හා දිනපතා පුවත්පත්වලට අමතර එම සමාගමට නේෂන් හා බොටම් ලයින් යන පුවත්පත්වලද අයිතිය ඇති අතර මේ පුවත්පත්වල අයිතිය විකිණීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟ තාවයකට පැමිණ නැති බව පැවසේ.

රිවිර මීඩියා කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියකු වන නිලංක රාජපක්ෂ හා ප්‍රසන්න වික්‍රමසූරියට අයත් බව පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top