15976 BM WEB BANNER 01
Jan 05, 2017

හයිබ්‍රිඩ් උසාවිය : මානව හිමිකම් කොමිසමෙන් රාජිතට ප්‍රතිචාර Featured

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා විදේශීය විනිසුරන්ගෙන් සමන්විත 'හයිබ්‍රිඩ් උසාවියක්' පිහිටුවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ස්ථාවරයේ වෙනසක් සිදුවී නැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසයි.

එම කොමිසම ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රතිචාර දක්වා තිබුණේ එවැනි විනිසුරු මඬුල්ලක් සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.

මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසුවේ රජයේ ස්ථාවරයවන යුද අපරාධ පරීක්ෂණය සඳහා දේශීය විනිසුරන් පමණක් යොදාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනුමැතිය ලබා දී ඇති බවය.

"මෙතෙන්ට ආපු අල් හුසේන් පිළිගත්තනෙ, ඒකට එකඟතාවය පළ කළානෙ" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, "රජයේ ස්ථාවරය, විදේශ නියෝජිතයො නැහැ. විදේශ නියෝජිතයො එන්න පුළුවන්, මේකට තාක්ෂණික දැනුම, නීතිමය උපදෙස් ලබාදෙන්නට ඇවිල්ල ඕනෑම උපදෙසක් ලබාදෙන්න පුළුවන්. විනිශ්චයකාරයෝ විදියට වාඩිවෙන්නෙ ලංකාවෙ කට්ටිය" යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

රජයේ වගකීමක් නැහැ' - චන්ද්‍රිකා

කෙසේවුවද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසන්නේ, සංහිඳියා වාර්තාවේ අඩංගු කිසිඳු නිර්දේශයක් වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ මැදිහත්වීමක් සිදුනොකළ බවත්, එසේම ආණ්ඩුවේ කිසිවකුගේ බලපෑමක් සිදුනොවූ බවත් ඒ නිසාම මෙම වාර්තාවේ තිබෙන කිසිදු අදහසකට රජය වගකියන්නේ නැති බවයි.

හිටපු ජනාධිපතිනිය එම කරණය ප්‍රකාශකර සිටියේ, පෙරේදා (03) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සංහිඳියා යාන්ත්‍රණය උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් සංක්‍රාන්ති යුක්තියට අදාළ යාන්ත්‍රණය නිර්මාණය කිරීම පිළිබඳ සකස්කළ නිල වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාව සහභාගි වෙමිනි.

(මූලාශ්‍රය - බිබිසි සංදේශය)

සබැඳි පුවත්

'සංහිඳියා වාර්තාවේ නිර්දේශයන්ට රජයේ වගකීමක් නැහැ' - චන්ද්‍රිකා

'යුද අපරාධ' විභාගයට විදෙස් විනිසුරන් නැහැ -රාජිත

'අධිකරණ යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවන් අවශ්‍යයි'

 93274037 screenshot2017 01 05at15.01.08

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top