Jan 06, 2017

දුමින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක්‌ කැඳවයි

බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක්‌ ලබන 26 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්‌ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ඊයේ (05) නියෝග කළාය.

ඉකුත් 2010 - 2011 - 2013 වසරවල දුමින්ද සිල්වා මහතාගේ වත්කම් - බැරකම්වලට අදාළව ප්‍රකාශ ලබා නොදීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලක්‌ කැඳවූ අවස්‌ථාවේ විනිසුරුවරිය විසින් එම නියෝගය පනවන ලදී.

ඉකුත් 2008 වසරේදී කොළොන්නාව ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්ව සිටින දුමින්ද සිල්වා මහතා, මේවනවිට බන්ධනාගාර රෝහලේ රඳවා සිටියි. ඒ ඔහු බරපතල රෝගී තත්වයකින් පසුවන හෙයිනි.

දුමින්ද සිල්වා මහතා ඊයේ බන්ධනාගාර ගිලන් රියකින් අධිකරණය වෙත කැඳවාගෙන පැමිණි අතර ඒ මහතා අධිකරණය වෙත ඉදිරිපත් නොකර එම රිය තුළම රඳවා තිබිණි.

රෝගී තත්වයෙන් පසුවන අයකු මෙසේ කැඳවාගෙන එම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින්ට දොස් පැවරු විනිසුරුවරිය, මෙවැනි අවස්ථාවක වෛද්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව සඳහන් කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top