nsb

Jan 06, 2017

සරසවියෙදි කුමරි බඹසර රැක ගන්නේ කොහොමද?(වීඩියෝ) Featured

සරසවියේ දක්ෂම සිසුවිය වීමට තරම් සුදුසුකම් සපුරා ඇතත් එය මගහැරයාමට සිදුවීම අතිශය ඛේදවාචකයකි.  නිදහස් අධ්‍යාපනයේ නාමයෙන්  සරසවි කිරුළ දැරීමට පෙරුම්පුරන සරසවි සිසුවියකට සිය අධ්‍යාපන වටිනාකම ලබා ගැනීම  උදෙසා සිය කුඹරි බඹසර ආචාරයවරයාට පිරිනැමීමට සිදුවීම අපරාධයකි. ලිංගික අල්ලසකි. කෙසේ වුවත් එදා මෙද‍ා තුර සරසවිය තුළ මෙය දිගින් දිගටම සිදුවෙමින් පවති.

සරසවි මානවිකාවන්ගේ අදුරු පැතිකඩක් ගැන ලියවුනු  "දිසාපාමොක් ඇදුරුතුමනේ" ගීතයට තේමා වන්නේ මෙවැනි සිදුවීමකි. අධ්‍යාපන ලබන ස්ථානය පූජනීය දෙවොලක් බදුයැයි සිතා සිටියද ඒ දෙවොල තුළ දේවතා එළියෙන්  පහන් සොරකම්කරන දෙවිවරුන් සිටීම අදහාගන්නට නොහැකි මුත් ඇදහිය යුතු සත්‍ය එයයි.

ගායනය: ශානිකා සුමනසේකර
ගී පද: කථිකාචාර්ය නන්දසිරි කීබියහෙට්ටි
සංගීතය: සමන්ත පෙරේරා

දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොදම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර

පුරා සූසැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළදන්
උපාදියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන් - තිබෙන කඩතොළු තැන්

උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොළ ඇතුලේ පහන් සොරකම්
කරනබව දෙවියන් - දේවතා එලියෙන්



 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top