nsb

Jan 06, 2017

තාජුඩීන්ගේ රථය පිටුපසින් ආවේ කවුද

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොස්කි මහතා අද (06 දා) නියෝග ‍කෙළේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කියා සිටියේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළැයි කියන දිනයේ ඔහුගේ වාහනයේ පිටුපස අසුනේ ආ බව කියන පුද්ගලයකු ගැන අනාවරණය වී ඇති බවයි.

සුමිත් පෙරේරාගෙන් ඒ ගැන ප්‍රකාශයක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top