nsb

Jan 06, 2017

රවීගෙන් මහබැංකු අධිපතිට දැඩි ප්‍රතිචාරයක්

මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් කළ බව පැවසෙන ප්‍රකාශයක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

ඒ, මුදල් අමාත්‍යංශයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවේදීය.

"ආර්ථිකය දැන් තිබෙන්නේ දැඩි සත්කාර ඒකකයේ නොවුනත් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ" යනුවෙන් මහබැංකු අධිපතිවරයා කරන ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍යවරයා, "ඔව් ICU එක තමයි මහින්ද රාජපක්ෂ අපිට බාර දුන්නේ, ඒ ICU එකට තල්ලු කරන කොට එතුමත් එකේ සහායකයෙක්, එතුමා කිව්වෙ මහබැංකු අධිපති, එයත් හිටියේ රාජපක්ෂලාගේ මේවා එකේ"යැයි පැවසිය.

" මේක විකෘති කරල පළකරලා ඇති කියලයි මම හිතන්නේ, නමුත් මාධ්‍යය කියලා තියෙනවා කියල එතුමා කිව්වා කියලා ආර්ථිකය ICU එකේ නෙවෙයි ඉස්පිරිතාලේ ඉන්නේ කියලා" යනුවෙන්ද කියා සිටියේය.

ICU සිට OPD දක්වා :

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැඩි සත්කාර ඒකකයේ තිබූ ආර්ථිකය වැඩි කල් යාමට පෙර බාහිර රෝගී අංශය දක්වා ගෙන ඒමට රජයට හැකි වන බව පැවසූ මුදල් අමාත්‍යවරයා වෙනස එය බව ද අවධාරණය කළේය.

2015 ජනවාරි 7 වෙනිදාට පෙර දින මහබැංකුවෙන් මුදල් පිටකළ බවට නැගෙන චෝදනාව ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ සිදුවන අපරාධ පිළිබඳව ඉදිරියේදී රටට හෙළිකරන බවය.

"මහබැංකුව විකෘති කරගෙන යනවා, අපි ළඟ ෆයිල් තියෙනවා, දෙවැනි වර එනකොට එකේ වෙන උත්තර තියෙන්නේ, කබ්රාල්ගේ හෙන්චයියන් පිරිස කරන මේ අපරාධය අපි ඉදිරිපත්කරනවා රටට" යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

2015 ජනවාරි 7 වෙනිදා මුදල් පිට කළ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් කවුදැයි හෙළිකෙරෙන සීසීටීවී දර්ශන සමග තමන් සතුව ඇති බව පැවසූ මුදල් ඇමතිවරයා එය නිසි වෙලාවට ඉදිරිපත්කරන බවද සඳහන් කළේය.


(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top