nsb

Jan 06, 2017

ආනයනික සහල් බදු අඩු කරයි

ආනයනික සහල් සඳහා මෙතෙක් අය කෙරුණු බදු වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

නියඟය හේතුවෙන් ඉහළ ගිය සහල් මිල හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා අද (06දා) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සහල් සඳහා වූ බදු අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සහල් කිලෝ ග්‍රෑම් එකක් ආනයනය කිරීමේදී පනවා තිබූ රු.50/- ක් වූ රේගු බද්ද, 15% ක් වූ එකතු කළ අගයමත බද්ද, 7.5% ක් මට්ටමේ පැවති වරාය හා ගුවන්තොටුපොළ බද්ද සහ 2% ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම සියලුම බදු වෙනුවට ආනයනික සහල් කිලෝ ග්‍රෑම් එකකට රු.15% ක් අවම ප්‍රමාණයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් අය කරනු ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.

මෙසේ බදු බවත් කරන සහල් වර්ග අතරට සම්බා, නාඩු සහ රතු කැකුළු අයත් වන බවත්, බාස්මතී සහල් වෙනුවෙන් මෙම සහනය හිමි නොවන බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top