Jan 07, 2017

උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැර ඇත.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල ලබාගැනීම සදහා දක්වා ඇති ස්ථානයේ නිවැරදි විභාග අංකයම ඇතුළත් කරන ලෙසයි.

විභාග අංකය වැරදි ලෙස සඳහන් කළහොත් නිවැරදි ප්‍රතිඵල ලබාගත නොහැකි බව අවධාරණය කෙරින.

මේ පිළිබද වැඩිදුර විමසීමක් අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතිය හැකිය.

2016 උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 2 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වු අතර, ඊට පෙනී සිටි මුළු අයදුම්කරුවන් ගණන තුන් ලක්ෂ පහළොස් දහසකට ආසන්නය.

ප්‍රතිඵල සඳහා මෙතැනින් පිවිසෙන්න.

උසස් පෙළ ප්‍රතිඵල පමා වීම ගැන ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් විභාග දෙපාර්තමේන්තුවට චෝදනා කළ අතර ප්‍රතිඵල පමාවෙන් ගාන්ධි සහ නේරු ශිෂ්‍යත්ව වලට අයදුම් කිරීමේ අවස්ථාව සිසුන්ට අහිමිවී ගොස් ඇතැයි ඔවුහු කීහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top