Jan 07, 2017

හම්බන්තොට උණුසුම් වන ලකුණු ! - ආරක්ෂා අංශ සීරුවෙන් !!

අධිකරණය විසින් වාරණයක් පනවා තිබුණ ද හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට එරෙහිව කලින් සැලසුම් කළ උද්ඝෝෂණ සැලසුම් කළ පරිදිම අද (07) සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මේවනවිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් හම්බන්තොට නගරය කරා ලඟා වෙමින් සිටින බව වාර්තාවේ.

අදාළ අධිකරණ නියෝගයේ දැක්වෙන්නේ හම්බන්තොට වරාය පරිශ්‍රය, ගුවන් පාලම ආශ්‍රිත ප්‍රදේශය, පරිපාලන ස්ථාන සහිත ප්‍රදේශ සහ මහාමාර්ගවල ඊයේ සිට දින 14ක් යන තෙක් උද්ඝෝෂණ කිරීම තහනම් කරන බවයි.

ඒ අතර ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන් මෙන්ම, ඔවුන්ගේ ආධාර කරුවන් දහස් ගණනක් හම්බන්තොට නගරය කරා පැමිණෙමින් සිටිති. ඒ, රුහුණු සංවර්ධන කාලපය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතාගේ සහභගීත්වයෙන් රුහුණු කලාපය ආරම්භ වීම හම්බන්තොට, මිරිජ්ජවිල, ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී ආරම්භ වීමට නියමිතය.

හම්බන්තොට ආරක්ෂක වළල්ලක් :

'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, හම්බන්තොට නගරයේ මේවනවිට දස දහසකට අධික ආරක්ෂක හමුදාවක් යොදවා ඇතැයි පැවසිය.

ත්‍රීවිධ හමුදාව මෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දහස් ගණනක් මෙන්ම දකුණු පළාතේ සැම පොලිස් ස්ථානයක නිලධාරීන් දහස් ගණනක් මෙසේ හම්බන්තොටට කැඳවා ඇතැයි ද ඔහු කියා සිටියේය.

අගමැති ගෙන් සාගලට නියෝගයක් :

මේ අතර හම්බන්තොට උද්ඝෝෂණ තහනම් කරමින් ලබා දී තිබෙන අධිකරණය නියෝගය අවලංගු කරගැනීම පිණිස කටයුතු කරන මෙන් සාගල රත්නායක ඇමතිවරයාට උපදෙස් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා එබව සඳහන් කලේ ඊයේ (06) රාත්‍රියේ අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේදී දිස්ත්‍රික්කයේ මහා සංඟයා වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදීය.

මෙම හමුව සඳහා අග්‍රාමාත්‍යවරයා කැටුව ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් වීම විශේෂත්වයකි.

සබැඳි පුවත්

හම්බන්තොට විරෝධයට වාරණයක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top