nsb

Jan 07, 2017

කටුනායක වැසීමෙන් සංචාරක කර්මාන්තයට පසුබෑමක්? (වීඩියෝ) Featured

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිළිසකර කිරීමේ කටයුතු සඳහා තෙමසක කාලයක් පුරාවට දෛනිකව පැය 8ක කාලයක් ගුවන්තොටුපොල වැසීම මගින් මේ වසරේ සංචාරක කර්මාන්තයේ පසුබෑමක් ඇති විය හැකි බවට සංචාරක සංවර්ධන, ඉඩම් හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

සංචාරකයකන් වැඩිම ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන්නේ මෙම කාලය තුළ බැවින් මෙම බලපෑම ඇති වන බවද ඔහු පැවසුවේය.

මීට පෙර කිසිදිනක වාර්තා නොවූ අයුරින් වසර 2016දී සංචාරකයන් මිලියන 2.1ක් පැමිණි බවත් එමගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක විදේශ විනිමයක් මෙරටට ගලා ආ බවත් පැවසූ අමාත්‍යවරයා වසර 2017 දී සංචාරකයන් මිලියන 2.5ක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මේ සියලු බාධක මධ්‍යයේ එම ඉලක්කය කරා යාමට කටයුතු කරන බවත් පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය :

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් - ජනක සුගතදාස, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති - පැඩී විතාන, එහි අධ්‍යක්ෂ ජනරාල් - මල්රාජ් කිරිඇල්ල, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂක - සුතීෂ් බාලසුබ්‍රමානියම් හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති - දිනේෂ් වීරක්කොඩි ඇතුළු අමුත්තන් රැසක් සහභාගී විය.

මේ අතර, මැයි මාසයේදී මෙරට පැවැත්වීමට නියමිත සිවු දින ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනයක් පිළිබඳව මෙහිදී නිවේදනය කෙරුණි.

Gateway to South Asia 2017 ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය මැයි 05 -08 දක්වා කොළඹදී පැවැත්වෙන අතර, අළුතින් සංචාරක මෙහෙයුම් සපයන්නන් 250ක් මෙරටට ගෙන්වා ගැනීම හා රජයේ නව සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කර විදේශ ආයෝජන ගෙන්වාගැනීම මෙහි අරමුණයි.

මෙයට සහභාගී වන්නන් ගේ මුදලින් ම පැවැත්වෙන මෙම වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති උදය නානායක්කාර ප්‍රමුඛ කමිටුවක් විසින් සිදුකරනු ඇත.

BIA1 600px 17 01 07

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top