Jan 07, 2017

ළඟදීම ජනපතිගෙන් දැඩි තීන්දු කිහිපයක් Featured

ආණ්ඩුව විසින් අත්සන් කරන ජාතික වැදගත්කමක් ඇති සියලු ගිවිසුම්වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවැති ශ්‍රීලනිප යෙෂ්ඨයින්ගේ රැස්වීමකදීය.

මැති සබයේ අනුමැතියකින් තොරව එබඳු ගිවිසුම් අත්සන් කිරීම යහපාලන සම්ප්‍රදායට නොගැළපෙන බවද ඔහු එහිදී අවධාරණය කර ඇත.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම සහ එහි ඉඩම් අක්කර 15,000ක් කර්මාන්ත ආයෝජන කලාපයක් සඳහා පැවරීම ගැන මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

තමන් හම්බන්තොට ප්‍රශ්නයට අදාළ කිසිදු ගිවිසුමක් නුදුටුවේ යැයිද එබඳු ගිවිසුමක් සකස් කරන විට ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු යැයිද කී ජනපතිවරයා එවැන්නකට නීතිපතිවරයාගේ නිර්දේශය අත්‍යවශ්‍ය බවද සඳහන් කර තිබේ.

එම සම්ප්‍රදායෙන් බැහැරව ක්‍රියාකළහොත් රටට අහිතකර දේ සිදුවිය හැකි යැයි අවධාරණය කර ඇති ජනාධිපතිවරයා එබඳු පූර්ව අනුමැතියකින් තොරව ගිවිසුම් ගැසීම තමන් අනුමත නොකරන බවද ප්‍රකාශ කර තිබේ.

ඒ අතර ඉතා ඉක්මණින් රජයේ ක්‍රියාකලාපයට බලපාන කාරණා කිහිපයක් ගැන දැඩි තීන්දු දෙක තුනක් ගැනීමට තමන් ක්‍රියාකරන වගද ඔහු සඳහන් කර ඇත.

මූලාශ්‍රය - දේශය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top