Jan 07, 2017

'වොක්ස්වැගන් කම්හලට' ජර්මන් ආයෝජන නෑ - තානාපති කාර්යාලය

පසුගියද 03 මුල්ගල් තැබුණු කුලියාපිටියේ මෝටර් රථ කර්මාන්ත ශාලාවට ජර්මන් රජය ආයෝජනය කර නොමැති බව මෙරට ජර්මන් තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පළ කර තිබූ වාර්තාවක දැක්වූයේ මේ සඳහා ජර්මන් රජය විසින් සිදුකර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 26.5ක් බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප විසින් යොමු කළ විද්‍යුත් තැපැල් පණිවිඩයකට පිළිතුරු ලබාදෙමින් මෙරට ජර්මන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ආචාර්ය මයිකල් ඩොහ්මන් මහතා පවසා සිටියේ ජර්මන් රජය මේ සඳහා ආයෝජනයක් සිදුකර නැති බවත්, තානාපති කාර්යාලය දන්නා පරිදි මෙම ව්‍යාපෘතියට වොක්ස්වැගන් සමාගමේ දායකත්වයක් නැති බවත්ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දු ජර්මන් සමාගම් සඳහා නිරන්තරයෙන්ම සහය ලබාදෙන ජර්මන් තානාපති කාර්යාලය, දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීමට දිගින් දිගටම කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

සබැඳි පුවත් :

වොක්ස්වැගන් ගැන ඇත්ත කියන්නෙ අගමැති ද සිරස ද? (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top