nsb

Jan 08, 2017

වත්කම් පවරා ගැනීමේ පනතට ඇමැතිවරුත් රත් වෙලා Featured

මහජන දේපළ හා මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් වැරැදිකරුවන් වන දේශපාලකයන් සහ නිලධාරීන්ගේ මුදල් යළි රජයට අය කර ගැනීමට නව පනතක් ගෙන ඒම සඳහා කටයුතු කරන බව විශේෂ ව්‍යාපෘති කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වත්මන් ආණ්ඩුවේ ඇමැති තනතුරු දරන කිහිප දෙනකු කලබල වී ඇතැයි දැන ගැනීමට තිබේ.

 එම පිරිස් සරත් අමුණුගම මහතා හමුවී එම පනත ගෙන ඒම සඳහා දැන්ම කලබල විය යුතු නැති බවත් අතීතයට බලපවත්වන පරිදි එය නොගෙන ආ යුතු බවටත් කරුණු කරණා රැසක් පවසා ඇත.

 ඒ අතර පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ද ප්‍රබල ඇමැතිකම් දැරූ දෙදෙනෙක් සිටින බවටත් තොරතුරු වාර්තා වේ.

කෙසේ නමුත් සරත් අමුණුගම මහතා පවසන්නේ රාජ්‍ය දේපළ  අවභාවිත කර ඇති දේශපාලකයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුව ද එම කොල්ල කෑ දේපළ සහ ධනය යළි අත්පත් කර ගැනීම සඳහා නීතියක් නොතිබූ බැවින්, අපරාධ විනිශ්චය කොමිෂන් සභා නම් පනතක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

මේ අතර අපරාධ විනිශ්චය කොමිෂන් සභා පනත පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවත් වාර්තා වේ.


(ඩී. මංජුල කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top