nsb

Jan 08, 2017

හිටපු LTTE සාමාජිකයින් දැන් අපා දුක් විදින බව ප්‍රභාකරන් කියයි Featured

යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ජීවත්වීමට වාරු නැතිවීමෙන් අපා දුක් විඳින බවට මඩකලපුව දිස්ත්‍රික් ආබාධිතවූවන්ගේ ලේකම් ගනේෂ් ප්‍රකාරන් කියා සිටී.

මේවන විට 42 හැවිරිදිවියේ පසුවන ගනේෂ් පවසන්නේ තමා වසර 15ක කාලයක් එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධවී සිටි බවත්, ඉන් පසුව යුද්ධයේදී වෙඩි වැදී කකුළක් බිඳීම නිසා වන්නි කලාපයේ මුදල් භාර ගණකාධිකාරී ලෙස කටයුතු කළ බවයි.

තම සංගමයේ ආබාධිත එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයින් 4,000ක් සිටින බවද පවසන ඔහු ඔවුන් හමුදාවට බාරවූයේ සහනයක් ලැබෙතැයි සිතාගෙන බවද කියා සිටී.

කෙසේවුවද යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වී ආ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට ඉන් පසුව අපා දුක් විඳීමට සිදුවූ බව ඔහු සඳහන් කරයි.

එසේ පුනරුත්ථාපනය වූ අයට නිවාස නැති බවත්, ඔවුන් සිටින්නේ පොල්අතු පැලවල් වල බවත්, ඔවුන් ඒවා හදාගත්තෙත් රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබුණු අධාරවලින් බවත් ප්‍රභාකරන් පවසයි.

ඔවුන්ට, ඉඩම් නැතිබවත්, ආදායම් මාර්ග නැති බවත් ඔවුන් ජීවත්වන්නේ “තුපට්ටි” මිනිසුන් වගේ යැයි ඔහු කියා සිටී.

වයස අවුරුදු 35 - 40 වයසේ පසුවන කාන්තාවන් 200ත් 250ත් අතර පිරිසක් කසාද බඳින්න හැකියාවක් නොමැතිව සිටින බවද ඔහු කියයි.

ඔවුන්ට මෙසේ කසාද කරගත නොහැකි තත්ත්වයේ පසුවන්නේ දෑවිදි දීමට මිලමුදල් නැති නිසා බවත් කියන ප්‍රභාගකරන් වැන්ඳඹුවන් ඊටත් වැඩි ප්‍රමාණයක් සිටින බවත්, ඔවුන් සිය දරුවන් හදාවඩා ගන්නේ කුලීවැඩ කිරීමෙන් බවද හෙළිකළේය.

මඩකලපුවේ කලුවන්කේනි හි පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන එස්.වාසනා මෙසේ කියා සිටින්නීය.

දෑවැදි නෑ බදින්න වෙන්නෙ ආබාධිත අය

“මම වසර 10ක් එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් කැපවුණා. මාව 2009 දී යුද හමුදාව අත්අඩංගුවට ගත්තා. පුනරුත්ථාපනය කළා. දැන් කියාගන්න බැරිතරම් ප්‍රශ්න ගොඩක මම ඉන්නෙ. මම පරිගණක පාඨමාලාවක් හදාරලා තියෙනවා. ශ්‍රීලනිප සංවිධායක මට රජයේ රැකියාවක් දෙනව කියල යාපනේ එයාගෙ කාර්යාලයට ගෙනිච්චා. එහෙ මාස දෙකක් වැඩ කළා. හැබැයි රජයේ රැකියා ලැබුණෙ නෑ. නැවත ගමට ආවා. තනියෙන් ජීවත් වෙන්න බැරි නිසා හිටපු සටන්කාමී තරුණියෙක් එක්ක විවාහ වුණා. දැන් අවුරුදු 2කක දරුවෙක් ඉන්නවා. රජයෙක් කිසිම දෙයක් ලැබුණෙ නැහැ. ඉන්දීය රජයෙන් ලක්ෂ පහමාරක් ලැබුණ. ඒකෙන් යන්තම් ගෙයක් හැදුව හැබැයි ඒකත් බාගෙට.”

“මම විවාහ වුණේ ආබාධිත අයෙක් එක්ක. දෑවැදි නැති නිසා එහෙම තමයි කරන්න වෙන්නෙ. ගමේ අය අපිව ඇසුරු කරන්නවත් එන්නෙ නැහැ. ඒ අය තවමත් ඉන්නේ බයෙන්. මැති ඇමතිවරුන්ගෙනුත් අපි ජීවත්වෙන්න මඟක් ඉල්ලුව. ඩෑස් පෝරාවටත් අපි විහිළුවක්”

මේ අතර මඩකලපුවේ කේ. පුෂ්පරානි මෙසේ කියා සිටී.

“ මම එල්.ටී.ටී.ඊ.ට එකතුවුණේ 1977 දී යුද්දෙන් කකුලක් කපන්න වුණා. මට බොරු කකුකුලක් දාගන්න අවුරුදු 6කට වැඩි කාලයක් ගියා. අපි එල්.ටී.ටී.ඊ. කාරයෝ කියල සලකන්නෙ නෑ. මට පිහිට වුණේ අපේ තවත් සටන්කාමියෙක්. එයා දෙමවුපියන්ගෙ කීමත් නාහ කකුලක් නැති මාව කසාද බැන්ද. දැන් සුනාමි ආධාර යටතෙ මගේ අම්මට ලැබුණු ගේක අපි ආර්තික ප්‍රශ්න රාහියක් මැද්දෙ ජීවත් වෙනවා. දරුවො දෙන්නෙක් ඉන්නවා. උදව් ඉල්ලන්න අපේම දේශපාලඥයෝ ළඟට ගියාම. උඹලට උදව්දෙන්න බැහැ කියනවා”

මූලාශ්‍රය - ලංකාදීප තක්සලාව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top