Jan 09, 2017

'අවුරුදු ගණනාවක් හම්බ කලේ පොළවට යට කරන්නද?' Featured

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ බලපෑම හේතුවෙන් තම නිවෙස් අහිමි වීමේ අවදානමක් මතුව ඇති අතර මේ වන විට තවත් ප්‍රශ්න රැසක් උද්ගත වී ඇතැයි වාර්තාවේ.

බණ්ඩාරවෙල උඩපේරුව සහ පල්ලේපේරුව ආදී ප්‍රදේශ කිහිපයක ජනතාව මෙම අවදානමට මුහුණ දී සිටියි.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ බලපෑම හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ ගම්මාන රැසක් කාලයක සිට ඉරිතැලීමට ලක්ව තිබූ අතර උඩපේරුව සහ පල්ලේපේරුව ගම්මානද මෙම අවදානමට මුහුණපා ඇත්තේ මෑතකදීය.

නිවෙස් ඉරිතැලීමට ලක්වූ මුල් අවස්ථාවේදී බලධාරීන් පැමිණ නිවෙස් සහ ඉඩම් පරීක්ෂා කර ගියද අනතුරුව ඒ පිළිබද කිසිදු අවදානයක් යොමු නොකරන බවට ජනතාව චෝදනා කර සිටියි.

මෙම තත්වය දිනෙන් දින වර්ධනය වීම නිසා අවුරුදු ගණනාවක් හම්බ කල දේ පොළවට යට කරන්නට සිදුව ඇති බවත් මේ නිසා රෑට නින්ද නොයන තරම් මානසික පීඩනයක සිටින බවත් කියා සිටියි.

මේ පිලිබද විමර්ශනය කර අවම තරමින් තව දුරටත් මේ ප්‍රදේශයේ ජීවත්විය හැකිද යන්න හෝ පවසන ලෙස බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවත් රූට නිදා සිටින අතර තුර යම් ගිලා බැසීමක් සිදුවේද යන්න පිළිබදව බොහෝ දෙනෙක් බියෙන් සිටින බවත් ප්‍රදේශවාසීන් කියා සිටියි.

සබැඳි පුවත්

පාලකයින් පාර කපන්නේ මධ්‍යම කදුකරයේ අවමඟුලට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top