Jan 09, 2017

ඩෙංගු මර්දනය ගැන ප්‍රතිපත්තිය රාජිතට

ඩෙංගු මර්දනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත බාරදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ රැස්වීමක් පැවැති අතර එහිදී මෙම ජාතික ප්‍රතිපත්තිය ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදී ඇති බව සඳහන්ය.

ඩෙංගු රෝගය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් ඇති කරන ප්‍රධාන වසංගත රෝගයක් බවට පත්ව තිබේ.

ඩෙංගු රෝගීන් රැකබලා ගැනීම සඳහා ප්‍රතිකාර අංශය ශක්තිමත් කිරීම මෙන්ම මදුරු මර්දන කටයුතු ශක්තිමත් කිරීම ද වඩාත් වැදගත් කාර්යය භාරයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒ සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් විශේෂ තාක්ෂණික කමිටුවක සහභාගීත්වයෙන් ක්ෂේත්‍ර අත්පොතක් ද සම්පාදනය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top