Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 09, 2017

විශිෂ්ඨ ප්‍රතිඵලයට කලින් ජීවන මඟට සමුදුන් සිසුවිය Featured

වවුනියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් පළමුවැනියා වීමට තරම් ඇය භාග්‍යවත් වුවද උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර ජීවිතයට සදහටම සමුදුන් සිසුවියක් පිළිබද සංවේදී පුවතක් මේ දිනවල අසන්නට ලැබේ.

පසුගිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 11 වැනිදා අඹන්පොළ දී සිදුවූ රිය අනතුරකින් ජීවිතයෙන් සමුගත් මෙම දියණිය ශිවදුර්ගා සත්‍යනාදන්ය.

අද ඇය ජීවත් නොවුණද ජීවත් වූ කෙටි කාලයේදී ඇය දැක්වූ දස්කම්වල ප්‍රතිඵල නිකුත් වී ඇත. වවුනියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් පළමුවැනියා වීමට තරම් ඇය භාග්‍යවත් වුවද එහි හිමිකම ලබා ගන්නට ඇගේ දෛවය ඉඩ ලබා නොදුනි.

ඇය නැති සොවින් වැලපෙන ඇයගේ මවුපියන්ට ඇයගේ මේ ජයග්‍රහණය රැගෙන විත් ඇත්තේ තවත් දොම්නසකි.

විභාගයට සාර්ථක ලෙස මුහුණ දුන්නද ජීවිත ගමන ඉදිරියට ගෙන යන්නට නොහැකිවූ නිසාම අද ඇය ලබා ඇති ජයග්‍රහණය වවුනියාව රම්බකුලම කාන්තා විද්‍යාලම කම්පනයට පත්කළ සිදුවීමක් වූ බව එහි ගුරුභවතුන් කදුළු පිරි දෑසින් ප්‍රකාශ කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top