Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 09, 2017

දේශපාලනය එපා වෙනවා- විශ්වාසය තැබූ පුද්ගලයා දැන් නෑ

මහින්ද රාජපක්ෂ පාලන සමය මෙන්ම වත්මන් ආණ්ඩුවේද වෙනසක් නැති බවත් බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියක් මේ රටේ සෑදිය නොහැකි බවත් සෝමරත්න දිසානායක මහතා කියා සිටියි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ වෙබ් අඩවියක්ට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

''ඇත්තටම මේ වෙනකොට මං දේශපාලනිකව අතරමං වෙච්ච කෙනෙක්. මට දැනට දේශපාලන පක්ෂයක් නෑ. ඔව් 1994 ඉඳන් මං දේශපාලන වේදිකාවල පෙනී හිටියා. ඒ ගැන මං කණගාටු වෙන්නේ නෑ. යුද්ධය නිමා කරන්න එක පාරක් අපි පෙනී හිටියා. පස්සේ රට හදන්න ඕන නිසා පෙනී හිටියා. නමුත් බලය එක තැනක දීර්ඝ කාලයක් රැඳෙනකොට එතන දුෂණය වෙනවා. බල ලෝභය හා තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න ඕන වැඩක් කරන්න පෙළඹෙනවා.

ගෝලබාලයෝ පවුලේ අය විනාශකාරී විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. අපි දැක්කා එහෙම වෙනවා. අපි විශ්වාසය තියපු පුද්ගලයා නෙවෙයි පස්සේ එතන හිටියේ. මහින්ද රාජපක්ෂ කෙලින්ම විවේචනය කරපු තනි පුද්ගලයා මම. රන්මිණිතැන්න හදනකොටම ඒ කමිටුවේ ඉඳන් මං ඇහුවේ 'සර් මේක කාගේ උවමනාවට කාගේ යහපත සඳහා ද හදන්නේ' කියලා. එතකොට එයා කිව්වේ 'මේක මගේ උවමනාවට, කාගේත් යහපත සඳහා හදන්නේ' කියලා. ඉතින් මං 'එහෙනම් අපෙන් අදහස් විමසන එකෙන් වැඩක් නෑනේ' කියලා එතනින් නැගිටලා ආවා.

මේ දේශපාලනය සම්පූර්ණයෙන්ම අලුත් වෙන්න ඕන. මේ පාර්ලිමේන්තු නඩේ එහෙම්මම නැති වෙලා අවංකව රටට ආදරය කරන අලුත් පිරිසක් මේ පාලනය අතට ගන්න ඕන. හොඳ පිරිස් ඉන්නවා නමුත් ඔවුන් දේශපාලනය කරන්නේ නෑ. මොකද රටේ බහුතරයකට දේශපාලනය එපා වෙලා. එක පුදුමයක් නෙවෙයි.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top