Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 10, 2017

පුංචි ඡන්දය කොට්‌ඨාස ක්‍රමයට - පක්‍ෂ නායකයන් එකඟවේ

ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්‌ඨාස ක්‍රමයට පැවැත්වීමට සියලුම පක්‌ෂ නායකයන් ඊයේ (09 දා) එකඟ වූ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ පාර්ලිමේන්තුවේදී සියලුම පක්‌ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා කීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව සීමා නීර්ණය කමිටුවේ වාර්තාව එහි සාමාජිකයන් පස්‌ දෙනාගේම අත්සන සහිතව තමාට මේ මස 17 වැනිදා භාරදීමට කමිටු සභාපති අශෝක පීරිස්‌ මහතා එකඟ වූ බව ද අමාත්‍යවරයා පැවසීය.

අත්සන් සහිතව කමිටු වාර්තාව භාරදීමට කමිටු සභාපතිවරයා කටයුතු කරනු ලැබුවත් පරිපාලන අවශ්‍යතා මත මේ මස අවසන් වන තෙක්‌ කමිටුවේ කාලය දීර්ඝ කරන ලෙස අශෝක පීරිස්‌ මහතා තමාගෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම කීය.


ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්‌ !
954001250mahindaDeshapriya3මේ අතර ඊයේ (09 දා) මැතිවරණ කොමිසමේ පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුයේ, පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් හානියක්‌ බවයි.

ඉක්‌මනින් ඡන්දය පවත්වා ජනතාවගේ සර්වජන ඡන්ද බලය ආරක්‌ෂා කිරීමට පියවර ගත යුතු බව ඔහු එහිදී කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දේශප්‍රිය මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ බලය විෂය භාර ඇමැතිවරයාට නීතියෙන්ම පවරා ඇතැයිද එම නීති සංශෝධනය වී පාර්ලිමේන්තුවේ අනුමත වීමෙන් පසුව ඕනෑම වේලාවක මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම් යෑයිද කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top