Jan 10, 2017

රාජගිරිය නාම පුවරුවලට දෙමළ අරහන් ?

රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ මං තීරු වෙනස් කිරීමේ පුවරු වල සිංහලෙන් පමණක් තොරතුරු සඳහන් වීම පිළිබඳව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය විසින් වග කිව යුතු පාර්ශව දැනුවත් කිරීමෙන් අනතුරුව මේ වනවිට එම ඇතැම් පුවරු සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා වලින් පමණක් සඳහන් කිරීමට කටයුතු කර තිබේ.

නමුත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ සඳහන් වී ඇත්තේ සිංහල සහ දමිළ යන භාෂා යොදාගත යුතු බවය. ඉංග්‍රීසි යනු සම්බන්ධිකරණ භාෂාවයි.

නමුත් රාජගිරිය වැලිකඩ මංසන්ධියේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස කළ ඉල්ලීමට මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිචාර දක්වා ඇත්තේ එම පුවරු සිංහල සහ ඉංග්‍රීසි ලෙස වෙනස් කිරීමෙනි.

මේ අනුව වැටහෙන කාරණාව වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ නිවැරදි වැටහීමක නොසිටින බවයි.

මේ පිලිබඳව යළි පෙන්වා දෙමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය විසින් අද (10) මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.සී දිසානායක මහතා වෙත ''ආණ්ඩුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සිංහල සහ ඉංග්‍රිසි පමණ ද?'' යන ශීර්ෂයෙන් යුතු යළි ලිපියක් යොමු කර ඇත.


සබැඳි පුවත්

රාජගිරියේ මං තීරු පුවරු සිංහලෙන් පමණයි !

15970205 10210242555633849 1113751837 n

15879345 10210209835855875 425735483 n

15857035 10210176000170004 135781071 o

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top