Jan 10, 2017

ජපානයෙන් නව ඖෂධ නිෂ්පාදනාගාරයක්

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරීම සදහා අදාල යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සදහා ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම හෙට (11) පස්වරු 2.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මේ සදහා වැය කරන මුදල රුපියල් බිලියන 1.5 කි.

රජය වාර්ෂිකව රුපියල් බිලියන 55 කට වැඩි මුදලක් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් සදහා වැය කරනු ලබයි.

ඖෂධ වර්ග 12100 ක ප්‍රමාණයෙන් වර්ග 32 ක් පමණක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්වේ මේ වනවිට නිෂ්පාදනය කරයි.

ඉහළ ගුණාත්මකබවින් යුත් ඖෂධ දේශීය වෙළෙදපොලට සහ දිවයින පුරා රෝහල්වලට සැපයීමේ අරමුණින් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

තව ද විදේශ විනිමය ඉතිරි කර ගැනීම ද එහි තවත් අරමුණකි.

2018 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 75 ක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කිරීම තම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ඒ සදහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග ඖෂධ සමාගම් 32 ක් ගිවිසුම් අත්සන් කර ඖෂධ නිෂ්පාදනය කිරීමට සුදානම්න් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top