Jan 11, 2017

තෙල් වෙළෙඳ ලොක්කගේ වැඩ තහනම් ! Featured

ලංකා ඛණිජතෙල් සංස්ථාවේ වෙළඳ කළමනාකරු චමින්ද සමරකෝන් මහතාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂ ආණ්ඩු සමයේ දී සිය බලය ඉක්මවමින් සිදු කරන ලද බව කියන දුෂණ, අක්‍රමිකතා, වංචා ආදිය සම්බන්ධයෙන් සිදුකරන ලද මුලික පරීක්ෂණයකින් පසුව ඔහුගේ වැඩ තහනම් කර තිබේ.

ඉකුත් ජනපතිවරණයේදී රුපියල් ලක්ෂ 62ක් වැය සහනාධාර ලබාදීමට පන්නල ලංකා සතොසට මුදල් ගෙවීම හා සුපර් ක්‍රෝස් මෝටර් රථ තරගයකට දැන්වීම් ලබා දීම ඇතුළු  චෝදනා 17ක් සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සිදු කර ඇති බව පැවසේ.

වසර 2015 අගෝස්තු මාසයේදී සමරකෝන් මහතාට එල්ලව තිබූ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ඔහුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ස්ථාන මාරුවක් සිදුකර තිබූ අතර ඔහු අදාළ ස්ථාන මාරුව මැතිවරණ සමයේදී දේශපාලන පළිගැනීමක් කිරීමට කළ එකක් බව හුවා දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා එය අත්හිටුවා ගැනීමට කටයුතු කර තිබිණි.

සමරකෝන්ගේ ලිඛිත දැණුම්දීමට අනුව මැතිවරණ කොමසාරිස්වරයා 2015/09/02 දින ජනපතිවරයාට ලිඛිතව දන්වමින් අදාළ ස්ථාන මාරුව වැලැක්වීමට කටයුතු කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top