nsb

Jan 11, 2017

සංහිඳියාවේ නාලිකාව ළඟදීම

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ අභිනව නාලිකාව වන සංහිඳියාවේ නාලිකාවේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 180 ක මුදල රූපවාහිනිය වෙත පිරිනැමීම සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගිය ඉරිදා අත්සන් තැබිණ.

එම මුදල ජාතික එ්කාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ පසුගිය අයවැයෙන් වෙන්කර තිබූ අතර එය රූපවාහිනිය වෙත පැවරීමේ ගිවිසුමට අමාත්‍යංශ ලේකම් වී.සිවඥනසෝති සහ සංස්ථා සභාපති නීතිඥ රවී ජයවර්ධන යන මහත්වරු අත්සන් තැබූහ.

නව නාලිකාව සඳහා සංඛ්‍යාත ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවි ප‍්‍රාප්තියට සමගාමීව 2016 ජනවාරි 08 වනදා සිදුවිය.

ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ සංස්ථා සභාපති නිතිඥ රවී ජයවර්ධන මහත්වරුන් වෙත එ් සඳහා වූ නිල ලේඛනය එහිදී පිරිනැමුණු අතර නාලිකාවට අවශ්‍ය උපකරණ ලබා දීමට අවශ්‍ය ප‍්‍රතිපාදන 2017 අයවැයෙන් වෙන් කෙරිණ. එම මුදල පිරිනැමීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ දෙවන පදවිප‍්‍රාප්තියට සමගාමීවය.

සංහිඳියාවේ නාලිකාවේ කටයුතු 2017 වසර තුළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී සිදු කෙරුණු අතර එම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය, මනෝ ගනේෂන්, කරු පරණවිතාන, අජිත් පී.පෙරේරා යන මැති ඇමතිවරුද සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත මහතාද සහභාගී වූහ.

Sanhidiyawa1 600px 17 01 11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top