15976 BM WEB BANNER 01
Jan 11, 2017

බැඳුම්කරය සමඟ සියතේ සම්බන්ධයක් නෑ

සියත මාධ්‍ය ආයතනය​ බැඳුම්කර කටයුතු වල යෙදෙන ආයතනයක් විසින් මිලදී ගෙන ඇති බවට මේ දිනවල රාවයක් පවතී. අප මේ පිළිබදව සියත රූපවාහිනියේ අධ්‍යක්ෂක කැලුම් පාලිත මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ එම කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින බවයි.

“සියත ආයතනය Perpetual Treasuries ආයතනය විසින් මිලදී ගෙන කියා ප්‍රචාරයක් යනවා. අපි සියත මාධ්‍යය ජාලය අලුත් කිරීමේ වැඩකටයුතු පටන් ගත්තේ අර කියන අය මාධ්‍ය සම්බන්ධයෙන් උනන්දු වෙන්නත් කලින්. මේ බොරු ප්‍රචාර කරන්නේ අපිව අපහසුතාවයට පත්කරන්නයි. මේ වෙලාවේ අපේ වැඩකටයුතු අපහසුතාවට පත්කරන වැඩක් විදිහටයි මම මෙය දකින්නේ. ''

සියත මාධ්‍ය ආයතනය සහ Perpetual Treasuries සමාගම අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top