Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 11, 2017

ළමයින්ට අන්තර්ජාලයට මූණ දෙන්න කියාදෙයි! Featured

අන්තර්ජාල භාවිතය දිනෙන් දින ඉහළ යමින් පැවතුනද එය අවබෝධයකින් භාවිතා කරන්නට දැනුමක් නොමැතිකම බරපතල අර්බුධයක් බවට පත්ව තිබේ.

පාසල් සිසුන් අන්තර්ජාලය භාවිත කිරීමේදී මුහුණ දෙන අහිතකර තත්ත්වයන්ගෙන් මුදා ගැනීම සහ අන්තර්ජාලයේදී මුහුණ පෑ හැකි යම් ගැටලුකාරී අවස්ථාවන්හිදී ක්‍රමානුකූලව විසදා ගැනීමට පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසදයක් පිහිටුවා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලත් මෙයට එක්වී සිටී.

අන්තර්ජාලය භාවිතයත් සමඟ වර්තමානයේ ඉහළ යන විවිධ ගැටලුකාරී තත්ත්වයන් අවධානයට ලක් කොට දීප ව්‍යාප්තව මෙම සංසදය ව්‍යාප්ත කිරීමේ අරමුණින් අධ්‍යාපන කලාප මට්ටමින් ගුරුවරුන් දහසක් පුහුණු කිරීම මෙහි අරමුණයි.

ඉදිරියේදී මේ සංසද පාසල් මට්ටමින් ස්ථාපිත කර තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ සමඟ එක්වී කටයුතු කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top