nsb

Jan 11, 2017

කොළඹ විශාඛාවේ දහඅට සන්නියක් ! Featured

කොළඹ විශාඛා විදුහලේ මේ සති අන්තයේ පැවැත්වීමට නියමිත දහඅට සන්නියක් හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ට පේවී සිටින්නට සිදුවූ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් පසුගිය සතිය පුරා එම පාසලේ දරුවන් මස් මාංශ පාසලට ගෙනඒම මෙන්ම ඒවා අනුභව කිරීමෙන්ද වැලැකී සිටි බව වාර්තා වේ.

එසේම එම විදුහලේ ආපන ශාලාවටද මේ තත්ත්වය හේතුවෙන් මස් මාළු තහංචියක් පසුගිය සතියේ පනවා තිබූ බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප එහි විදුහල්පතිනි සඳමාලි සන්ධ්‍යා අරුප්පොල මහත්මියගෙන් කළ විමසීමකදී ඒ මහත්මිය අදාළ කාරණාව තහවුරු කළේය.

කෙසේවුවද, මේ ශාන්ති කර්මය දරුවන්ගේ යහපත වෙනුවෙන් බවත්, එහි වටිනාකමක් ඇති බව තහවුරු වන කරුණු රාශියක් ඇය විසින් ඉදිරිපත් කළ අතර ඒවා පිටිගත කර ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ ඉල්ලීමට අනුව අප එය පටිගත කළ ද එය ප්‍රචාරය නොකිරීමට තීරණය කළේය.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටියේ විද්‍යාත්මක චින්තනයක් සහිත අධ්‍යාපනයක් ලබාදීම පාසලේ යුතුකමක්ව තිබියදී කොළඹ ප්‍රධානම බෞද්ධ බාලිකාවක් වන මේ පාසල මෙසේ ශාන්ති කර්ම කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම කනගාටුවට කරුණක් බවයි.

- කැළුම් ශිවන්ත

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top