Jan 12, 2017

'මෛත්‍රි යළි ජනාධිපති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ' -රාජිත Featured

''අපි විධායක ජනාධිපති ධුරයට විරුද්ධයි. එනිසා නැවත වරක්‌ ජනාධිපතිවරණයක්‌ පවත්වන්නේ නැහැ. අපි ජනතාවට පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා. එනිසා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමේ අවශ්‍යතාවකුත් නැහැ'' යෑයි සම කැබිනට්‌ ප්‍රකාශක සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා ඊයේ (11) කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනුව වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව පැවසු රාජිත සේනාරත්න මහතා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් කරා යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ අරමුණ ද එය ම බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පවසන දේ අදාළ නොවන බව ද අවධාරණය කළේය.


චන්ද්‍රිකාගේ ව්‍යවස්‌ථාවට සමාන නැහැ :
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන කාලය තුළ සකස්‌ කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව රට කලාපවලට වෙන් වී ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය බලය බෙදීමක්‌ ඇති වන බවත් වත්මන් රජය සකස්‌ කරනුයේ ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ බවත් ඒ අනුව වත්මන් රජය සකස්‌ කරන ව්‍යවස්‌ථාවත් චන්ද්‍රිකා රජය යටතේ සකස්‌ කළ ව්‍යවස්‌ථාවත් අතර සමාන බවක්‌ නැතැයිද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

''එදා හදපු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ජනාධිපතිගේ ධුර කාලය තව වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක්‌ එවකට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන ඇමැති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ මහතා යෝජනා කර තිබුණා. එයට එදා මා විරුද්ධ වුණා.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

කෙසේවුවද අමාත්‍ය සරත් අමුණුගම මහතා පසුගියදා පැවසුයේ, විධායක ජනාධිපති ධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවයි. 


සබැඳි පුවත් :


සිවිල් සමාජය මෛත්‍රීට එරෙහිවන ලකුණු !

'ජනමත විචාරනයකට ජනවරමක් නැහැ - සංශෝධන පමණයි' - එස්.බි. 

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා 

ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ' - එජාප

2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top