Jan 12, 2017

ස්ටෙන්ස් අලෙවි නියෝජිතයින්ට තහනමක් !

අක්ෂි කාච සහ හෘද ප්‍රතිකාර සදහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන කිසිදු රෝගියෙකුගෙන් මුදල් අය කර ගැනීම තහනම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සදහා වූ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට ඊයේ (11) පස්වරුවේ උපදෙස් ලබාදී ඇති ඇමතිවරයා,  ස්ටෙන්ස් අලෙවිකරන සමාගම්වල නියෝජිතයින්ට හෘද රෝග ඒකක භූමියට ඇතුලුවීම තහනම් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ද නියෝගකර තිබේ.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට ස්ටෙන්ස් අලෙවි කරන සමාගම්වල නියෝජිතයින් සිටින බවට ඊයේ (11) ලැබුන තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබද විවර්ශණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයට දැනුම් දී තිබිණ.

රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් ඇතැම් වෛද්‍යවරුන් මුදල් අය කර ගැනීම පිළිබද පැමිණිලි ලැබීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසිය.

 හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදී ඇතත්, ඒ සදහා භාවිත කරන වයර්ලස් හිඟයක් පවතින බැවින් එම වයර්ලස් කඩිනමින් ආනයනය කරන ලෙස තමා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top