Jan 12, 2017

සංහිඳියා වාර්තාව : 'එල්.ටී.ටී.ඊ. අවශ්‍යතා ඉටුකිරීමක්' Featured

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය විසින් ජනවාරි 03දා එළිදැක්‌වූ වාර්තාව එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

දෙමළ ජාතිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංහිඳියා කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් කරුණු දක්වා ඇතත් සිංහල ජනතාවගේ අයිතීන් පිළිබඳ එමගින් කරුණු දක්වා නොමැති බව ඇමතිවරයා එහිදී පැවසිය.

දෙමළ ජනතාවට මේවනවිට සෑම ආකාරයකින්ම ආර්ථික නිදහස ද ලැබී ඇති බව පැවසු ඇමතිවරයා, උතුරේ ජනතාවට ලැබී ඇති නිදහස තවමත් දකුණේ සිංහල සහ මුස්ලිම් ජනතාවට ලැබී නොමැති බව ද කියා සිටියේය.

දකුණේ ප්‍රදේශවල දෙමළ ජනතාව පදිංචි වෙනවා සේම උතුරේ ප්‍රදේශවල සිංහල සහ මුස්ලිම් ජනතාව පදිංචිවීමේ අයිතිය පිළිබඳව මෙම සංහිඳියා වාර්තාවෙන් වචනයක්වත් කතා කර නොමැති බව සඳහන් කල ඇමතිවරයා,  බුද්ධාගමට තවමත් රටේ රාජ්‍ය ආගමක තත්ත්වයක් ලැබී නැති බවත් පැවසිය.

සංහිඳියා කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව රට තුළින්ම රටට එරෙහිව ඉදිරිපත්වූවක් බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී  වර්ණසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

'සාධනීය පියවරකට බලකිරීමක්'


කෙසේවුවද,  සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජික ගත් කතුවර ගාමිණි වියන්ගොඩ මහතා පවසන්නේ, යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මහජන අදහස් විමසීමෙන් පසු රජයට බාර දුන් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි නොදන්නා මුත් එම වාර්තාව මගින් රජයට සාධනීය පියවර ගැනීමට බලකිරීමක් සිදුවේතැයි අපේක්ෂා කරන බවයි.

එම වාර්තාව විශේෂයෙන්ම වින්දිතයන්ගේ අදහස් අන්තර්ගතවු වාර්තාවක් බව ඔහු කියා සිටියි.


සබැඳි පුවත් :

සංහිඳියා වාර්තාව : 'සාධනීය පියවරකට බලකිරීමක්' (වීඩියෝ)
සංහිඳියා වාර්තාවේ නිර්දේශයන්ට රජයේ වගකීමක් නැහැ' - චන්ද්‍රිකා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top