Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 12, 2017

ලේඩීස් හෙල්මට්, ජාවාරමක් ! Featured

ලේඩීස් හෙල්මට් නැත්නම් යතුරුපැදි කාන්තා ආරක්ෂිත හිස් වැසුම් යැයි කියමින් කෝටිපති ව්‍යාපාරිකයෙක් මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර හෙල්මට් තොගයක් වෙළඳ පොළ ආක්‍රමණය කරමින් සිටින බව වාර්තා වේ.
 
පසුගිය සැප්තැම්බර් පළමුවැනිදා සිට එස්.එල්.එස්. (SLS) ප්‍රමිතියෙන් තොර හෙල්මට් අලෙවිය පාරිභෝගික සේවා අධිකාරිය විසින් තහනම් කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් පසුගියදා නව රක්ෂණයක් හඳුන්වාදීමේ උත්සවයකදී රථවාහන පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපති රංජිත් බමුණුසිංහ මහතා ද මෙසේ සඳහන් කළේය.
 
 
වසර 2016 වන විට ලියාපදිංචිව ඇති මෝටර් රථ ප්‍රමාණය 6,795,469 ක් වන බවත්, ඒ අතරින් ත්‍රීවීල් හා යතුරුපැදි ප්‍රමාණය 55%ක් බවද ඒ මහතා එහිදී කියා සිටියේය.
 
මෙරට සිදුවන රිය අනතුරුවලට වැඩි වශයෙන් භාජනයවන්නේ යතුරුපැදි හා ත්‍රීරෝද රථවන අතර වසර 2015 දී මාර්ග අනතුරුවලින් මියගොස් ඇති ප්‍රමාණය 27,99ක් බව පැවසේ.
 
2005 - 2015 දී ත්‍රීරෝද හා යතුරුපැදිවලින් 24,615 ක් මියගිහින්
 
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය අවසන් වන තෙක් සිදු වූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 1,632 ක් මිය ගොස් ඇති බවයි.
 
එසේ මියගිය අනතුරුවලින් 686 දෙනෙකු මිය ගොස් ඇත්තේ යතුරුපැදි අනතුරු හේතුවෙන් බවද එම සභාව කියා සිටී.
 
වසර 2005 සිට 2015 දක්වා කාලයේදී ත්‍රීරෝද හා යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 24,615 ක් මියගොස් ඇති බව වාර්තා වේ.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top