Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 12, 2017

කන්ද කැටියේ පොලිසියේ 6 ගස් ගියේ ඇයි ? (වීඩියෝ)

මනුෂ්‍ය ඝාතනයක්‌ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස්‌ නිලධාරීන් හය දෙනකුට ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා පසුගිය 09 වැනිදා මරණීය දණ්‌ඩනය නියම කළේය.
 
මොවුන් වරදකරුවන් වූයේ බදුල්ල කන්දකැටිය පොලිස්‌ වසමේ සිදු කළ නිධන් හෑරීමේ වැටලීමකදී අත්අඩංගුවට ගත් මීගහකිවුල පදිංචි පෙරුම්හේවා සඳුන් මාලිංග නමැති දහඅට හැවිරිදි තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙනි.
 
මෙසේ මරණීය දණ්‌ඩනය නියම වූයේ අම්පාර පානම පොලිසියේ සේවය කළ උ. පො. පරීක්‌ෂක රාජමන්ත්‍රි මනමේන්ද්‍ර පටබැඳිගේ සෝමරත්න, මඩකලපුව, වව්නතිවු පොලිසියේ සේවය කළ පො. කො. (49819) ධර්මපාලිත පත්මකුමාර ගමගේ, බදුල්ල රිදීමාලියද්ද පොලිසියේ සේවය කළ පො. කො. (50293) සමරකෝන් මුදියන්සේලාගේ රුවන් පුෂ්පකුමාර, මුලතිව් මාන්කුලම් පොලිසියේ සේවය කළ පො. කො. (54194) දිසානායක මුදියන්සේලාගේ අබේරත්න, බණ්‌ඩාරවෙල ඇල්ල පොලිසියේ සේවය කළ පො. අ. සහායක (2240) දිසානායක මුදියන්සේලාගේ විඡේරත්න සහ බදුල්ල සිවිල් ආරක්‌ෂක බළකායේ සේවය කළ (13214) සමරකෝන් මුදියන්සේලාගේ ජයසුන්දර නමැති අයටයි.
 
මොවුන් චෝදනා 11 කට වරදකරුවන් වී තිබිණි.
 
මේ තරුණයා ඝාතනය වූ අවස්ථාවේ මීට මැදිහත් වූ රයිට් ටු ලයිෆ් රාජ්‍ය නොවන සංවිධානය මේ සම්බන්ධ සත්‍ය තොරතුරු ගවේශනයක් සිදු කළේය.
 
ඒ අනුව ඔවුන් මේ සම්බන්ධ තොරතුරු හෙළිකර තිබුණේ මෙලෙසිනි.
 
වීඩියෝ අනුග්‍රහය - රයිට් ටු ලයිෆ්
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top