Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 12, 2017

“සම්පුර්ණ ව්‍යවස්ථා වෙනසකට ජනවරමක් නැහැ” -එස්.බි. Featured

'මීළඟ ජනාධිපතිවරණය' තෙක් විධායක ජනාධිපති ධුරය පවතින බවත් එහිදී සිය පක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂකයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'තීන්දුව' බවත් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අවධාරණය කරයි.

රටේ ඒකීයභාවය හා ස්වෛරීභාවය රැකගැනීම සඳහා විධායක ජනාධිපති ධුරයේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකින බව පෙන්වා දුන් අමාත්‍ය දිසානායක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් වෙනස්කොට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමට ජනතාව පවතින රජයට "වරමක් දී නැහැ" යැයි ද කියා සිටියේය.

අද (ජන.12) පෙරවරුවේ මල්වතු මහා විහාරීය මහා නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.

එස්. බි. හිටියේ නැහැ :

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් රටවටා යද්දී, එස්.බි. දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් රටපුරා රැස්වීම ඇමතු අයෙකි.

කෙසේවෙතත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කළේ 'ජනවාරි 8' වෙනිදා වූ පොරොන්දු ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවයි.

එසේම වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය.


(මූලාශ්‍රය -සංදේශය)


සබැඳි පුවත්

'මෛත්‍රි යළි ජනාධිපති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ' -රාජිත

සිවිල් සමාජය මෛත්‍රීට එරෙහිවන ලකුණු !

'ජනමත විචාරනයකට ජනවරමක් නැහැ - සංශෝධන පමණයි' - එස්.බි.

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා 

2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

 

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top