nsb

Jan 13, 2017

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන තවත් වාර්තාවක් පිටවෙයි Featured

මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ධනාත්මක ආරම්භයක් ලබාගෙන ඇති බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.

2017 නව වසර සදහා එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ එය ශ්‍රී ලංකාව ගත් ප්‍රශස්ත ක්‍රියාවක් වන බවයි.

ලෝකයේ රටවල් 90 ක මානව හිමිකම් සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නව වාර්තාව මගින් කරුණු දක්වා තිබේ.

කියපු දේවල් ගැන අවධානයකින් :

මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ඒවායේ  ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබද ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ප්‍රකාශ කිහිපයක් සිදුකර ඇති අතර, එම ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් අවධාරණය කර ඇත.

නව රජය බලයට පත්වී ගත වූ කාල සීමාව තුළ සිදු වූ සිද්ධීන් කිහිපයක් පිළිබද ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී තිබේ. ඒ  පැහැරගෙනයාම් සහඋද්ඝෝෂණ වලට පහරදීම් සම්බන්ධයෙනි.

 පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයින්ට පහරදීම් සිදුව ඇති බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී රජය ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කඩිනමින් අවධානය යොමුකළ යුතු බව එම වාර්තාව අවධාරණය කරයි.

රට තුළ නීතිය යහපත්ව පවත්වාගෙන යාමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

GSP+ කොන්දේසි !


මේ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන බදුවලින් සැළකිය යුතු ප්‍රමාණයක් ඉවත් කිරීමට තීරණය කර ඇති යුරෝපා කොමිසම, ඒ යටතේ පිරිනමනු ලබන GSP+ සහනය ලබාදීමේදී තිරසර සංවර්ධනය, මානව හිමිකම් මෙන්ම යහපාලනය කෙරෙහි වූ ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කරන බව අවධාරණය කර සිටියි.

GSP+ සහනය හරහා යුරෝපා සංගමයේ වෙළෙඳපොල වෙත යැවෙන සිය අපනයන ඉහළ නංවාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැළකිය යුතු දායකත්වයක් සැපයෙන අතරම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මෙන්ම යහපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තමන්ට සහය විය හැකි ආකාරය ද මෙයින් පෙන්නුම් කෙරෙන බව යුරෝපා කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රොම් පවසන්නීය.


ත්‍රස්ත මර්දනය ප්‍රඥප්තිවලට අනුකූලව :


එම ක්ෂේත්‍රයන්හි ප්‍රගතියක් දැකිය හැකි යයි තමන් විශ්වාස කරන අතරම GSP+ පිළිබඳ සංවාද හා නිරීක්ෂණ අදාළ ප්‍රතිසංස්කරණවලට සහය වනු ඇතැයි ද ඇය කියා සිටී.

එසේම ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිවලට සම්පුර්ණයෙන් අනුකූල විය යුතු බව ද මීට ඇතුළත්වන බවය.

කෙසේවුවද මෙම පියවර ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ප්‍රතිවිරෝධතා වේ නම් ඉදිරිපත් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා කොමිසමට මාස හතරක් දක්වා වූ කාලයක් ඇත.

සබැඳි පුවත්

GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top