nsb

Jan 13, 2017

HE FORUM ජනවාරි 17 හිල්ටන්හිදී

දෙවසරක යහපාලනය සහ හෙට දවස තේමා කරගත් දේශපාලනික සංවාදය HE FORUM ජනවාරි 17 සවස 4.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානතවයෙන් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත් වේ.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් එලිදැක්වූ ප්‍රථම ශ්‍රී ලාංකික දේශපාලන සඟරාව ලෙස HE සැලැකෙන අතර  HE FORUM හි විද්වත් මණ්ඩලයට මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය දයාන් ජයතිලක, ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ඉමිටියාස් බාකීර් මාකර් මහතා සහභාගිවීමට නියමිතය.

HE FORUM  හි සංවාද මණ්ඩපය පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්, ආචාර්ය මහාචාර්යවරුන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු බුද්ධිමතුන්ගෙන් සමන්විත වේ.

අද පුවත්පතෙහි කර්තෘ කාංචන දසනායක සහ HE සඟරාවේ කර්තෘ සාරංග විජයරත්න HE FORUM  මෙහෙයවනු ලබන අතර මෙදින HE සඟරාවේ පළමු සංවත්සර කලාපය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීමට ද නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top