nsb

Jan 13, 2017

බැඳුම්කර මඟඩිය ගැන ඩඩ්ලි මාධ්‍ය උපදෙස් පතයි !

මීට දින කිහිපයකට පෙර ජනාධිපති සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා තිබිණි.

අදාළ මාධ්‍ය හමුව අවසන්වීමෙන් පසුව එහි පැමිණ සිටි මාධ්‍යවේදියකු ඔහුට පොත් දෙකක් පිළිගන්වා තිබේ.

එම පොත් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විවේචන සහිත පොත් දෙකකි.

පොත් දෙක අතටගත් ඩඩ්ලි, මාධ්‍යවේදියා ළඟට “මේ පොත් දෙකේම තියෙන්නෙ බැඳුම්කර සිද්ධිය ගැන විවේචනනේ. අනේ තරහ වෙන්න එපා. පුළුවන් නම් හරියට කරන විදිය ලියන්න. මම සල්ලි වියදම්කරල පොත ගහන්නම්” යනුවෙන් පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top