15976 BM WEB BANNER 01
Jan 14, 2017

FCID ය කොට උඩ !

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පතිවරයා මොනරාගලට මාරුකර යැවීමත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා පොලිස් අධිකාරි තනතුරු පුරප්පාඩු වීමත් නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ බරපතළ අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා තම සේවය නිසි ලෙසින් සිදු කළ අතර මේ වන විට විමර්ශනය කෙරෙන සියලු ලිපි ගොනු සම්බන්ධව මනා අවබෝධයකින් සිටි අයෙකි.

FCID යේ හිටපු අධ්‍යක්ෂ නි.පොලිස්පති අනුර ප්‍රේමශාන්ත මහතා වෙනුවට අම්පාර කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික ප්‍රියන්ත මහතා FCID යේ නව අධ්‍යක්ෂ වරයා ලෙස පත් කර ඇති අතර, ඔහුට ලිපි ගොනු විමර්ශනය කිරීමට සැලකිය යුතු කාලයක් ගත වීමත් සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරී තනතුරු පුරප්පාඩුව පැවතීම නිසාත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු මුළුමනින්ම ඇනහිටීමට ඉඩ ඇතැයි ද දැන ගන්නට ඇත.

දේශපාලන බලපෑමක් ද ?

පසුගිය 3 වෙනිදා FCID යේ අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර ප්‍රේමශාන්ත මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කොට FCID යේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර මොණරාගල දිස්ත්‍රික්කයට මාරු කළේය.

අනුර ප්‍රේමශාන්ත මූල්‍ය අපරාධ විමර්ශනය පිළිබඳව පුහුණු වීම සඳහා විදේශයකට යවා විශේෂ පුහුණුවක් දී FCID යට ගෙන්වා ගත් නිලධාරියෙකි.

මෙම මාරුව ගැන ස්වාධීන කොමිෂන් සභාව FCID ය බාර නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ මතය විමසා සිටියදී ඔහු නිර්දේශ කර තිබුනේ තමන්ට එනම් FCID යට අනුර ප්‍රේමශාන්තගේ සේවය අත්‍යාවශ්‍ය බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top