nsb

Jan 15, 2017

රෝයල් 1 ශ්‍රේණිය සිසුන්ගේ නම් ප්‍රසිද්ධ කරනු !

2017 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දී කොළඹ රාජකීය විදුහලට (රෝයල්) වංචනික ලෙස ඇතුළත් කිරීමෙන් ඉවත් කළ සිසුන් 31 දෙනා වෙනුවට ඇතුළත් කරන සිසුන් 31 දෙනාගේ නාම ලේඛනය වහා ප්‍රසිද්ධ කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

රාජකීය විදුහලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වංචනික ක්‍රියා සිදුව ඇති බව ප්‍රකාශ වුවද එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ද පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එබව කියා සිටියි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2017 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දී කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කළ සිසුන් 147 දෙනෙකු සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කර වංචනික ලෙස ඇතුළත් කළ සිසුන් 31 ක් ඉවත් කිරීමට කටයුතු කළ බවත්, වංචනික ක්‍රියාවලින් තොරව නිසි ක්‍රමවේදයට ඇතුළත් කළ සිසුන් සඳහා 2017.01.16 දින පන්ති ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා ඇත.

ළමුන් ඇතුළත් කර ගැනීමේ දී තෝරාගත් ළමුන්ගේ නාම ලේඛන ද, අභියාචනාවලින් පසු ඇතුළත් කර ගන්නා සිසුන්ගේ නාම ලේඛන ද, ප්‍රමුඛතා ලේඛන ද ප්‍රසිද්ධ කරන තත්වයක් තුළ ඉවත් කළ ළමුන් වෙනුවට ඇතුළත් කර ගන්නා ළමුන්ගේ නාම ලේඛන ද ප්‍රසිද්ධ කළ යුතුය.

රාජකීය විදුහලේ මෙන්ම වංචනික ලෙස 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කළ බවට චෝදනා ලත් අනෙකුත් පාසල් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පියවරක් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන නොමැති අතර, සිදුව ඇත්තේ එවැන්නක් සිදු වූ බවට ප්‍රකාශ කිරීම පමණි.

සබැඳි පුවත්

කොළඹ පාසල්වලට හොර ලේඛනවලින් ළමයින් අරගෙන'

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top